කළුතරදී ඇම ගිල්ල කිඹුලා රැගෙන ඒමට යනවිටත් මියගිහින්

කළුතර මොරොන්තුඩුව ගෝනදූව කවටයාගොඩ දී අල්ලාගත් අඩි 13ක් දිගැති දැවැන්ත ගැට කිඹුලා රැගෙන ඒමට එම ස්ථානයට කණ්ඩායමක් යන විටත් එම සත්ත්වයා මිය ගොස් සිටි බව අත්තිඩිය වනජීවී පශු වෛද්‍ය ඒකකය ප්‍රකාශ කර තිබේ.

සත්ත්වයා මියයෑමට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සිදුකිරීමට නියමිත බව පශු වෛද්‍ය ඒකකය ප්‍රකාශ කර තිබේ.

ගැට කිඹුලා ආහාරයට ගෙන තිබූ කුකුළු බොකු සහිත ඇම වෛද්‍ය උපදෙස්වලින් බැහැරව  පිටතට ගැනීමට උත්සාහ කිරීමේදී කිඹුලාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ බරපතළ  තුවාල හේතුවෙන් එම සත්ත්වයාගේ මරණය සිදු වූවාද යන්න පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ස්ථිර වශයෙන් කිව හැකි බවද වාර්තාවේ.

බොල්ගොඩ ගඟ ආශ්‍රිත කළු ගගේ හතර මෝදර හා ඉපිලිස්ස අතු ගංගා පරිශ්‍රයේ මේ වන විට කිඹුල් ගහනය බහුලව ඇති බවත් ඉකුත් කාලයේදී ගවයන්ද කිඹුලන්ගේ ග්‍රහණයට හසුව තිබූ බවත් ප්‍රදේශවාසීහු පැවැසූහ.

ඊට අමතරව සංවිධානාත්මක අයුරින් කිඹුලන් මරා මස් අලෙවි කිරීමේ රහසිගත ජාවාරමක්ද සිදුවන බවත් එය අලි – මිනිස් ගැටුමට එහා ගිය කිඹුල් – මිනිස් ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවද වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply