අවුරුදු 11ක දැරිය කෙලසු 27 හැවිරිදි පෙම්වතා අත් අඩංගුවට

මව සහ පියා වෙනත් විවාහයක් සිදු කරගෙන කර ගෙන නිවසින් පිටව යාම හේතුවෙන් සිය මිත්තණිය භාරයේ සිටි වයස අවුරුදු 11 ක බාලවයස්කාර පාසල් දැරියක් එම මිත්තණිය මියයෑමෙන් පසු තමා රැකබලා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බවට තම පෙම්වතාට පැවසීමෙන් පසු එම දැරිය ඥාති නිවසකට රැගෙන ගොස් අපහරණය කර ස්ත්‍රී දූෂණයට ලක් කළ පුද්ගලයකු පසුගිය (29) වනදා අත් අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම ගම්මානයක පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

වින්දිත දැරියගේ මිත්තනිය (අම්මාගේ මව) මියයාමෙන් පසු දැරිය තාත්තාගේ අම්මාගේ රැකවරණය යටතේ සිටින අතරතුර වාරියපොල ප්‍රදේශයේ නැන්දා කෙනකුගේ නිවසට ඇරලවා එම නිවසේ සිට පාසල් ගිය බවත් ඒ අතරවාරයේදී ඔවුන්ට දැරිය දැක බලා ගැනීමට නොහැකි බව පවසමින් සියා ලඟට ගෙනවිත් භාරදී ඇති බව විමර්ශනවලදී අනාවරණය බව පොලිසිය පවසයි.

තමා රැකබලා ගැනීම සඳහා කිසිවකුත් නැති බව පෙම්වතාට පැවසීමෙන් පසු ඉකුත් 28 වැනිදා යතුරු පැදියකින් පැමිණ ඇති පෙම්වතා ඔහුගේ අම්මාගේ නිවසට රැගෙන ගිය බවත් එහිදී රාත්‍රියේ නින්දට ගිය පසුව පෙම්වතා විසින් මෙම අපරාධය සිදු කළ බව දැරියගේ ප්‍රකාශ වල සටහන් ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර දැරිය අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

(ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියකුගේ යුතුකම ඉටු කරන්න.)

Werzuo Digital

Leave a Reply