12 හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිනියක් කල සැකකරුවෙකු රත්ගම පොලිසිය විසින් අද (30) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි සැකකරුවෙකි.
මෙම දැරියට බඩේ කැක්කුමක් ඇතිවී තිබීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සදහා කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේ දී මේ බව හෙලිව තිබේ
ඉකුත් නොවැම්බර් මාසයේ දිනක සැකකරු විසින් දැරියගේ නිවසට පැමිණ දැරිය බියවද්දා නිවස තුලදීම මෙම අපරාධය සිදුකර කිසිවෙකුටත් නොපවසන ලෙස දැරිය බියගන්වා ඇතැයි පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත
සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ
(ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියකුගේ යුතුකම ඉටු කරන්න.)
