දියවන්නා ඔයේ ඔරුවක් පෙරලි එක් අයෙකු අතුරුදන්

දියවන්නා ඔයේ සිව් දෙනෙකු ගමන් ගත් ඔරුවක් ඊයේ (25) පෙරළීමෙන් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තවත් තිදෙනකු දිවි බේරාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයින් හතර දෙනා මසුන් ඇල්ලීම සඳහා ඔරුවකින් ගොස් ඇති අතර එහිදි ඔරුව පෙරළී ගොස් ඉන් තිදෙනෙකු දිවිබේරාගැනීමට සමත්ව තිබෙන බව පොලීසිය පවසයි.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදා කිමිඳුම් අංශය සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Werzuo Digital

Leave a Reply