උතුරු මුහුදෙන් මිලියන ගණන් වටිනා කේරළ ගංජා අත් අඩංගුවට

යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (25) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 49 කට අධික ප්‍රමාණයක් සමග සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 16 කට අධික වන බවද නාවික හමුදාව පවසයි.

යාපනය මණ්ඩතිව් සහ තාලයඩි යන ප්‍රදේශයන්හි පදිංචි සැකකරුවන් තිදෙනා, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබිණ.

මේ අතර නාවික හමුදාව ‍පොලිසිය හා එක්ව ඊයේ ( 24) උදෑසන යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 60 කට අධික තොගයක් සොයාගෙන තිබේ.

මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයට පාවී එන ලද ගෝනි උර දෙකක් තුල පාර්සල් 25 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 60 ග්‍රෑම් 652 ක පමණ තොගයක් සොයාගෙන තිබේ.

රුපියල් මිලියන 20 වැඩි වටිනා මෙම කේරළ ගංජා ‍තොගය කයිට්ස් පොලිසිය වෙත භාරදී තිබේ.

Werzuo Digital

Leave a Reply