සමුද්‍රදේවි කළුතරදි පීලි පනී

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වු සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද (23) උදෑසන 7.10 ට පමණ පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි වාර්තාවේ

ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක පමණක් මේ වනවිට දුම්රිය ගමනාගමනය සිදුවෙමි පවතී. එබැවින් කාර්යාල දුම්රියන් ප්‍රමාදවිම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටි.

පසුගිය දිනවලද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වු දුම්රියන් කිහිපයක් පිලී පැනිම්වලට ලක්වු සිද්ධින් කිහිපයක් වාර්තා විය.

Werzuo Digital

Leave a Reply