කතරගම සෙල්ලකතරගම ප්‍රදේශයේ වැවක නෙළුම් මල් කැඩිමට ගොස් සිටි පුද්ගලයෙකු ඊයේ (20 )රාත්‍රි වැවට වැටි දියේ ගිලි මියගොස් ඇතැයි කතරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සෙල්ලකතරගම පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ඔරුවකින් ගොස් මල් කඩමින් සිටියදි වැවට වැටි ඇති බවත් පසුව ඔහුගේ මළ සිරුර ගොඩට ගෙනැවිත් ඇති අතර කතරගම රෝහලේදි අද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිත බවත් පොලිසිය පවසයි.