නුවරඑළිය, නානුඔය රැදැල්ල ප්‍රදේශයේදී පාසල් සිසුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ වෑන් රථයක් ගැටී අද (20) රාත්‍රියේ සිදුවු මාරක අනතුරකින් 07 දෙනෙකු මියගොස් 40 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
එම ස්ථානයට ගිලන් රථ ඇතුළු ප්‍රදේශවාසීන් පැමිණ තුවාල ලැබූවන් රෝහල්ගත කර තිබේ. අනතුරෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එහි සිටි ලැබෙන වාර්තා සඳහන් කළේ ය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවකට එක් ව සිටි පිරිසක් රැගත් වෑන් රියක් සහ ත්‍රීරෝද රථයක් බවයි වාර්තා වන්නේ
පාසල් සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවකට ගොස් එන අතරතුරදි මෙම අනතුර සිදුව ඇතැයි ද බසයේ 50 දෙනකු පමණ ගමන් කර ඇති බවට වාර්තාවේ
අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.
UPDATE – නුවරඑළියේ බස් රථ අනතුරෙන් පාසල් සිසුන් 41ක් රෝහල්ගත කර තිබුණත් ඔවුන්ට ජීවිත අවදානමක් නොමැති බවත් මියගොස් ඇත්තේ, බස් රථයේ ගැටුණු වෑන් රථයේ හා ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයින් 7 දෙනෙකු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.