නිල්වලා ගඟේ සිටි දැවැන්ත කිඹුලෙක් මරුට

ඉකුත්දා මාතර නිල්වලා ගඟේ අභිරහස් ලෙස මියගොස් සිටි අඩි 15 ක් පමණ වන දැවන්ත කිඹුලෙකුගේ මළ සිරුරක් මිරිස්ස වනජීවි කාර්යාලයේ සහ මාතර දිස්ත්‍රික් ආපදාකලමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ නිළධාරීන් පිරිසක් විසින් ගොඩබිමට රැගෙනවිත් ඊයේ (18) වළදමා තිබේ

මෙම කිඹුලා දින කිහිපයකට කලින් මියගොස් ඇති බවට සැක කරන අතර සිරුර නරක් විම නිසා ඇතිවු දුර්ගන්ධය හේතුවෙන් වෙලේවත්ත ප්‍රදේශවාසීන් පිඩාවට පත්වු අතර පසුව ඔවුන් විසින් මාතර දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය දැනුවත් කිරීමෙන් පසු මිරිස්ස වනජීවි කාර්යාලය එක්ව මෙම සිරුර වළදමා තිබේ.

මේ අතර කාලයක සිට නිල්වලා ගගේ පවතින කිඹුල් මිනිස් ගැටුමට බලධාරීන් මේ වන තෙක් නිශ්චිත විසදුමක් ලබා දී නොමැති බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

Werzuo Digital

Leave a Reply