වැලිගම, වල්ලිවල ප්‍රදේශයේ අද (18) සවස මාතර සිට ගාල්ල බලා ධාවනය වු දුම්රියට පැන කාන්තාවක් සියදිවි හානි කරගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අහංගම පදිංචි 24 හැවිරිදි කාන්තාවකි
මෙම සියදිවි නසා ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි
(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලුවක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )