පුතාට මත්ද්‍රව්‍ය දිමට තැත්කල මවක් අත් අඩංගුවට

කොටවිල පිහිටි මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට ඉදිරිපත් කිරිම සඳහා බන්ධනාගාර නිලධාරින් විසින් ගෙන එන ලද සැකකාර පුතාට ජංගම දුරකතනයක්, හෂිස් ග්‍රෑම් 22ක් සහ දුම්කොල ලබාදිමට තැත්කරන ලද මවක් අද (17) සවස බන්ධනාගාර නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන බාරදුන් බව කොටවිල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි.

සැකකාර කාන්තාව හෙට (18) අධිකරණයට ඉදරිපත් කිරිමට නියමිත අතර කොටවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply