ඩෙංගු රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් නිවසේ තියාගන්න එපා

ඩෙංගු රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් ඔවුන් නොපමාව රෝහල්ගත කිරීමට කටයුතු කරන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රමාද වී රෝහල් ගත කළහොත් භයානක ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි බවද ඔහු සඳහන් කර තිබේ.

ඩෙංගු රෝගී දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් අඩු තරමින් රෝහල්වල බාහිර රෝගී අංශ වලට හෝ දරුවන් රැගෙනවිත් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.

Werzuo Digital

Leave a Reply