ධනුෂ්ක ගුණතිලකගේ නඩුව කල් යයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව පෙබරවාරි මස 23 වැනිදා දක්වා කල් තැබීමට එරට අධිකරණය නියෝග කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් අධිකරණයේ අද (12) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් ඩේවිඩ් ප්‍රයිස් මහතා මෙලෙස නියෝග කර තිබේ.

ඕස්ට්‍රේලියානු පොලිසියට සාක්ෂි සුදානම් කිරීමට කල් ලබා දීම සඳහා නඩුව ලබන 23 වැනිදා දක්වා කල් තැබූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.

අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුක්ෂක ගුණතිලක අධිකරණයේ පෙනී නොසිටි බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කර තිබේ.

ඇප කොන්දේසි එලෙසම ඉදිරියටත් වලංගු බව නඩුව කල් තබමින් මහේස්ත්‍රාත් ඩේවිඩ් ප්‍රයිස් මහතා ප්‍රකාශ කර ඇත

Werzuo Digital

Leave a Reply