ඇඹිලිපිටියේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ අතුරු පාරක යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට අද (11) උදෑසන වෙඩිතබා ඝාතනය කර ඇති බව පනාමුර පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ මල්පේ, කැම්පනේ පදිංචි පනස් හැවිරිදි තිදරු පියෙකි.

මියගිය අය සිය දරුවා පාසලට ඇරලවා ආපසු එමින් සිටිය දී මෙසේ ඝාතනය කර ඇති බව ද පොලීසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පනාමුර පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply