උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම සාධාරණ නොවන නිසා එම කාලය තුළ විදුලි කප්පාදුව අත්හිටුවීමට ක්‍රමයක් සකස් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා (10) අද ප්‍රකාශ කර තිබේ.
අපොස උසස් පෙළ විභාගය (2022) මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතය
විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලා සිටින ලෙස සහ විභාග කාලසටහන යොමුකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් කොමිසම ලිඛිත ඉල්ලීමක් මේ වන විටත් කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
