අයිස් තොගයක් සමග දෙදෙනෙකු අත් අඩංගුවට

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මට්ටක්කුලිය සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචි 39 හා 49 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

කිලෝග්‍රෑම් 2ක් පමණ වන මෙම අයිස් තොග්‍ය රුපියල් කෝටි තුනකට ආසන්න වීථි වටිනාකමකින් යුක්ත බවත් පොලිසිය පවසයි.

පොලිසියට ලද බුද්ධි තොරතුරකට අනුව කල්පිටිය පොලිසියේ නිළධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරුවන් අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධි සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply