ඩෙංගු මදුරුවාට එරෙහිව යුද ප්‍රකාශ කරයි

ප්‍රදේශ රැසක ඩෙංගු මදුරු ඝනත්වය තවදුරටත් ඉහළ අගයක පැවතීම සැළකිල්ලට ගනිමින් ලබන 30 සහ 31 යන දෙදින තුල දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ

2022 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 75,434 ක් හඳුනා ගත් බවත් එය පෙර වසරට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩිවීමක් බවත් සෞඛ්‍ය අංශ පවසයි.

තම අවට පරිශ්‍රයන් මෙන්ම පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ජනවාරි 02 වැනිදා පාසල් යළි  ආරම්භ කිරීමට නියමිත බැවින් පාසල් පරිශ්‍රයන්  පිරිසිදු කිරීම සඳහා ද විදුහල්පතිවරුන්ගේ මූලිකත්වයෙන් වැඩසටහන් සකස් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කර තිබේ.

Werzuo Digital

Leave a Reply