අකුණක් සතුන් රැසකගේ ජිවිත බිලිගනි

මඩකලපුව, එරාවුර් රහ්මානියා ප්‍රදේශයේ ගොවිපොළකට අද (25) අලුයම අකුණු සැර වැදිමෙන් එම ගොවිපළ විනාශව සතුන් රැසක් මියගොස් තිබේ

නිවසක පිහිටි මෙම සත්ත්වගාලකට අකුණු සැර වැදීමෙන් එළුවන්, කුකුළන් සහ තාරාවෝ ඇතුළු සතුන් 27 ක් පිළිස්සී මියගොස් තිබේ

තට්ටු දෙකක් සහිත මෙම සත්ත්වගාලට අකුණු සැර වැදීමෙන් එය සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Werzuo Digital

Leave a Reply