ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ කතරගම දේවාලයේ තිබු දේවප්‍රතිමා, සළඹ, පහන්, සීනු ඇතුලු පෞරාණික පිත්තල භාණ්ඩ සොරකම් කරන ලද සැකකරුවෙකු සහ එම සොර භාණ්ඩ ලඟ තබාගෙන සිටි දේවාල කපුවෙකුද අත් අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය පවසයි.
භාණ්ඩ සොරකම් කිරිම සම්බන්ධයෙන් අක්මිමණ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සැකකරුවෙකුද සොරබඩු ලඟ තබාගෙන සිටිම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි දේවාල කපුවෙකුද මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
අක්මිමණ පදිංචි සැකකරු පූජා වලට සහභාගිවන මුවාවෙන් විහාරස්ථානයේ දේවාලයට පැමිණ පසුව සැළසුම් සහගතව අවස්ථා තුනකදි මෙම පිත්තල භාණ්ඩ තොගය සොරකම් කරගෙන ගොස් පානදුර පදිංචි දේවාල කපුවාට රුපියල් දස දහසකට අලෙවි කර ඇති බවත් පරික්ෂණවලදි අනාවරණයවි තිබේ.
සැකකරුවන් අද (25) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි