බාලවයස්කාර දැරියක් දුෂණය කල සැකකරුවෙකු රිමාන්ඩ්

බාල වයස්කාර දැරියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තරුණයෙකු 21 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත්  පතිරණ මහතා නියෝග කලේය.

මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ සෙවණගල පදිංචි 20 හැවිරිදි සැකකරුවෙකි.

ඉකුත් 26 වනදින ගාල්ල සමනළ ක්‍රිඩාංගණයේ පැවති සැණකෙලියක් නැරඹිමට මිත්තණිය සමග ගාල්ල පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් ගොස් ඇති අතර එහිදි මෙමෙ සැකකරු සමග මිතුරුවි දින කිහිපයකට පසු සෙවණගලට කැඳවාගෙන ගොස් ඇත.

පසුව මිත්තණිය ඇයගේ අතුරුදහන්විම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිකර ඇත.

පසුව දුරකතන වාර්තා ඔස්සේ සැකකරු සෙවණගල සිටින බවට අනාවරණය විමෙන් පසු ගාල්ල පොලිස්ය විසින් සිද්ධිය සෙවණගල පොලිසියට දන්වා තිබේ. ඒ අනුව සෙවණගල පොලිසිය විසින් සැකකරු සහ දැරිය අත් අඩංගුවට ගෙන දැරිය ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර සැකකරු ගාල්ල පොලිසියට බාරදි ඇත.

Werzuo Digital

Leave a Reply