කොල්ලුපිටියේ රිය අනතුරකින් එක් අයෙකු මරුට

ගාලු පාරේ කොල්ලුපිටිය පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (10) පෙරවරුවේ සිදු වූ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරු වන 58 හැවිරිදි පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බම්බලපිටිය දෙස සිට ගාලු මුවදොර දෙසට ධාවනය වූ කා‍ර් රථයක් ඉදිරියෙන් එම දෙසටම ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෝටර් රථය පැදවූ රියදුරු අනතුරින් පසුව පලා ගොස් තිබෙන අතර, අනතුර සිදුවන විට මෝටර් රථයේ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිට ඇති බවත් පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

අනතුරින් තුවාල ලැබූ 29 -31 හැවිරිදි වියෙහි පසු වූ කාන්තාවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටි

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Werzuo Digital

Leave a Reply