වසර 11 තිස්සේ අධිකරණය මගහැර සිටි වරෙන්තුකාරිය අත් අඩංගුවට

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු විභාගයකට පෙනි නොසිටිම නිසා වරෙන්තු ලබා වසර එක‍ොළහක් තිස්සේ සැඟව සිටි සැකකාරියක් ගාල්ල බස් නැවතුම්පොල අසළදි අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කන්තලේ පදිංචි 35 හැවිරිදි සැකකාරියකි.

ගාල්ල බස් නැවතුම් පොල අසල සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදි ඇය අත් අඩංගුවට ගෙන දිවයිනේ පොලිස් ස්ථාන දැනුවත් කිරිමේදි අනාවරණයවි ඇත්තේ ඇයට විරුද්ධව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බවය. ඇය එම නඩුවට ඉදිරිපත් ‍නොවිම නිසා මෙයට වසර එකොළහකට පමණ පෙර ඇයට විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවත් අනාවරණයවි ඇත.

ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබේ.

Werzuo Digital

Leave a Reply