නිවාඩු ගොස් සිටි වැස්ස හෙට සිට දිවයිනට

ශ්‍රි ලංකාවට අද (01) සිට මෙම සති අන්තය දක්වා වැසි ඇතිවන බව ජාත්‍යන්තර කාලගුණ අංශ අනාවැකි පල කර තිබේ.

මේ අතර දිවයින පුරා හෙට (02) සිට සවස් කාලයේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (01) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Werzuo Digital

Leave a Reply