ගාල්ල, හික්කඩුව වෑවල ප්‍රදේශයේ දී සංචාරක වෙළඳ සැලක් ඉදිරිපිටදි අද (30) පෙරවරුවේ පුද්ගලයෙකුට එල්ල කල තියුණු ආයුධ ප්‍රහාරයකින් එම පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි හික්කඩුව පදිංචි පුද්ගලයෙකි.
තුවාලකරු බරපතළ තුවාල ලබා ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් තුවාල ලැබු කාන්තාවක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුදවලි මෙම පහරදිම සිදුකර ඇති බවට අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.