රත්ගම, බූස්ස රිල්ලඹ හන්දියේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කල ලොරි රථයක් අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී අද (28) පෙරවරුවේ සිදු වූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසයි.
මෙම අනතුරින් ලොරි රථයට දැඩි අලාභහානි සිදු වි ඇති අතර රථයේ ඉදිරි වම්පස අසුනේ සිටි ගිංතොට පදිංචි පුද්ගලයෙකු සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් රථයේ රියදුරු තුවාල ලබා නොමැති අතර රත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.