ගාල්ල, අක්මීමණ රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ (26) ඇති වූ ගැටුමකින් තුවාල ලැබු 11 දෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි
මෙලෙස ඇතුළත් කර ඇත්තේ විද්‍යා පීඨයේ නේවාසිකව ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවත් ගැටුම සඳහා හතළිහකට වැඩි පිරිසක් සහභාගි වී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.