ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ රිමාන්ඩ් සිර මැදිරියට දුම්කොල පාර්සලයක් දැමු සැකකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය මාස හයක අනිවාර්ය සිර දඩුවමක් නියම කළාය..
මෙසේ සිර දඩුවම් නියම වුයේ ගාල්ලේ පදිංචි 52 හැවිරිදි සැකකරුවෙකුටය.
ඉකුත් 09 වන දින උදැසන මහේස්ත්‍රාත් අධිකරණය විවෘත කිරිමට පැමිණි නිලධාරියා පසුපස පැමිණ ඇති සැකකරු එම නිලධාරියාට නොපෙනෙන පරිදි රිමාන්ඩ් සිර මැදිරියට දුම්කොල පාරසලයක් දමා පිටව ගොස් ඇත.
පසුව පැමිණි බන්ධනාගාර නිලධාරින් විසින් දුම්කොල පාර්සලය සොයා ගෙන පොලිසියට දැනුම්දි ඇත. ඒ අනුව පොලිසිය ආරක්ෂිත කැමරා පද්ධති පරික්ෂාකර බලා සැකකරු හඳුනාගෙන අත් අඩංගුවට ගෙන ඇත. පොලිසිය පැවසුවේ සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව මෙයට දින කිහිපයකට පෙර පැමිණ ඇති අයෙකු බවය.
ගාල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලදි..