පාසල් දරුවන්ට කලක සිට මත්කරල් මුදලට විකුණු උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතර දකුණු ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් සහ මත්පෙති 3500ක් සමග පුද්ගලයෙකු හිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ගණිතය සහ විද්‍යාව විෂයයන්වලට අදාළව උපකාරක පන්ති ගුරුවරයා මත්කරල් 1,299ක් ද සමග අත් අඩංගුවට ගෙන තිබේ.
හොරයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට ආදේශකයක් ලෙස පාවිච්චි කරන මත් පෙති වර්ගයක් පුද්ගලයෙකු අලෙවිකරන බවට හිරණ පොලීසියට ලද තොරතුරක් අනුව මත්පෙති 3500ක් සමග එම සැකකරු පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර සහ කළුතර යන මහේස්ත්‍රාත් අධිකරණවල ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.