අධිකරණය හා සම්බන්ධ පනත් කෙටුම්පත් අටකට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නේය.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.
ඒ අනුව සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටි, අධිකරණ සංවිධාන(සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන) යන පනත් කතානායකවරයා විසින් මෙලෙස සහතික කර ඇත.
ඒ් අනුව, එම පනත්කෙටුම්පත් 2022 අංක 33 දරන සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටි පනත, 2022 අංක 34 දරන අධිකරණ සංවිධාන(සංශෝධන) පනත, 2022 අංක 35 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත, 2022 අංක 36 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත, 2022 අංක 37 දරන උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන) පනත, 2022 අංක 38 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත, 2022 අංක 39 දරන ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) පනත සහ 2022 අංක 40 දරන අන්තරායකර සත්ත්ව (සංශෝධන) පනත වශයෙන් සංශෝධනය වි තිබේ
ඒ අනුව මෙම පනත් 8 අද (18) සිට බලාත්මකයි