කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු, නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙහි හෙට (18) සිට ලබන 21 වැනිදා දක්වා යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම්දීමක් කර ඇත.
එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වේ නම් වහාම ගොඩබිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් කරා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ සඳහන්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර, එය අනිද්දා (19) දිනය වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරු වෙරළට ආසන්නයෙන් ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද එහි සඳහන් වේ.
එම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයාමේ හැකියාවක් පවතින බැවින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි