වසා තිබු ගේට්ටුව කඩාගෙන ගොස් දුම්රියක ගැටී ත්‍රීරෝද රියදුරු මරුට

අහුංගල්ල, බලපිටිය දුම්රියපොළ අසල හීනටිය දුම්රිය හරස් මාර්ගයේ දී අද (17) පෙරවරුවේ ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී තිබෙන බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ 40 හැවිරිදි හීනටිය ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් තිබේ.

හීනටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වසා තිබූ දුම්රිය ගේට්ටුව කඩාගෙන ගොස් කොලොන්නාවේ සිට ගාල්ල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටී ඇති බව පොලිසිය පවසයි.

රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති අතර අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Werzuo Digital

Leave a Reply