වාද්දුව මුහුදේ දැලකට පැටළුණු මිලියන ගණන් වටිනා පරව් අස්වැන්න

පරව් මාළු කිලෝ 15,000 කට ආසන්න ප්‍රමාණයක් වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට හසුව ඇතැයි වාර්තාවේ.

වාද්දුව තල්පිටිය සංචාරක හෝටලයක් පිටුපස දැලකට මෙම මසුන් හසුව තිබෙන අතර අද පෙරවරුවේ එම මසුන් දැකබලා මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් වෙරළ දෙසට පැමිණ තිබේ

කහ පරව්, තෙල් පරව් සහ කිරලාවන් යන මාළු වර්ග මෙම දැලට පැටලී තිබේ

මසුන්ගේ සිල්ලර වෙළද වටිනාකමක රුපියල් කෝටියකට අධික බව සදහන් වේ

Werzuo Digital

Leave a Reply