අපි රුසියාවට කාලතුවක්කු උණ්ඩ දුන්නු කතාව බොරුවක් – උතුරු කොරියාව

රුසියාවට කාලතුවක්කු උණ්ඩ ලබා දුන් බවට ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව උතුරු කොරියා නායක කිම් ජොංග් උන් ප්‍රකාශ කර තිබේ.

යුක්රේනයට පහර දීම සඳහා රුසියන් හමුදාවට, උතුරු කොරියාව කාලතුවක්කු උණ්ඩ සපයා ඇති බව ඇමෙරිකාව චෝදනා කර ඇත.නමුත් ඇමෙරිකාව එල්ල කරන චෝදනා පදනම් විරහිත බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පෙන්වා දී තිබේ.

යුක්රේන සිවිල් වැසියන් ඉලකක් කර ගනිමින් පහර දීමට රුසියන් හමුදාවට අවි ආයුධ ලබා දෙන්නේ ඉරානය සහ උතුරු කොරියාව බව ඇමෙරිකාව චෝදනා කර තිබේ.

Werzuo Digital

Leave a Reply