ලොව පළමු වරට කෘතිම රුධිරය අත්හදා බලයි

ලොව පළමු වරට රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ කෘතීම රතු රුධිරාණු සෛල පුද්ගලයෙකුට පාරවිලයනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය අත්හදා බලා තිබෙන බව එම වාර්තා සඳහන් කළේය

මෙලෙස බ්‍රිතාන්‍යයේ රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ රතු රුධිර සෛල පුද්ගලයෙකුට පාරවිලයනය ලොව ප්‍රථම සායනික පරීක්ෂණය ලෙස මෙය ඉතිහාස ගත වන බව පර්යේෂකයෝ උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේය.

ආරක්ෂිත සහ ඵලදායී බව ඔප්පු වුවහොත්, නිපදවන ලද රුධිර සෛල, රුධිර සංකුලතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේදී විප්ලවයක් සිදු කළ හැකි බව පර්යේෂකයෝ ප්‍රකාශ කර තිබේ.

තම රසායනාගාරය තුළ නිපදවූ රතු රුධිරාණු සෛල පරිත්‍යාගශිලියකු ලබා දෙන රුධිර සෛල වලට වඩා කල් පවතිනු ඇතැයි විශ්වාස කරන බවත් සායනික පරීක්ෂණ සාර්ථක වුවහොත් රුධිර සංකුලතා සහිත රෝගීන්ට සිදු කළ යුතු පාරවිලයන සංඛ්‍යාව අවම කිරීමට හැකිවනු ඇති බවත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කර ඇත

Werzuo Digital

Leave a Reply