විවාහ ඇරයුම එපා කියු තරුණියට පාඩමක් උගන්වන්න ගොස් තරුණයෙකු මරුට

විවාහ ඇරැයුම ප්‍රතික්ෂේප කළැයි සිත් තැවුලට පත් තරුණයකු සිරුරට ගිනි තබාගෙන පෙම්වතිය වැලඳ ගැනීමට තැත් කළත් එය ව්‍යර්ථ වූ පසු ගිනි ජාලාව පිටින් දිව යද්දී වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටී මියගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය රදර්ෆර්ඩ් වතුයායේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි. ඔහු මොරටුව ප්‍රදේශයේ රැකියාවක නියුතුව සිටි බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.

කටුබැද්ද මංසන්ධියේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසලක සේවය කළ තරුණියකගේ පෙම්වතා ඇය සොයාගෙන පැමිණ විවාහ වීමට අවශ්‍ය යැයි පවසා ඇති අතර එය විහිළුවට ගත් තරුණිය ප්‍රතික්ෂේප කර ඇති බවත් පසුව ඔහු පෙම්වතිය ඉදිරියේ බෙහෙත් පෙති කිහිපයක් පානය කර ඇති බවත් පරීක්ෂණවලදී හෙළි ව තිබේ

පැය දෙකහමාරකට පමණ පසු එම පුද්ගලයා පෙම්වතිය සේවය කරන අලෙවිසලට නැවත පැමිණ මුදලාලිගෙන් අසා වැසිකිළියට ගොස් ඇත. පසුව ගිනි ජාලාවක් සමඟ පිටතට පැමිණි ඔහු පෙම්වතිය වැලඳගෙන ඇත. එම අවස්ථාවේදී තරුණිය පිලිස්සෙනවා දුටු මුදලාලි ඇය පසෙකට ඇද දමා තිබේ.

එහිදී පෙම්වතා එතැනින් පලා ගොස් ඇති අතර වැල්ලවත්ත ප්‍රදේශයේදී රුහුණු කුමාරි දුම්රියේ වැදී මියගොස් සිටියදී පසුදින පොලිසිය විසින් සොයාගෙන ඇත.

පිලිස්සුම් තුවාල ලැබූ තරුණිය කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයද මස්කෙළිය ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි අයෙකි.

මව්බිම

Werzuo Digital

Leave a Reply