රිය අනතුරු දෙකකින් දෙදෙනකුට දිවි අහිමි වෙයි

වේයන්ගොඩ, නයිවල සහ මඩකළපුව පලෙයි නගර් ප්‍රදේශවල සිදුවු රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ බස් රථයක් මාර්ගය අයිනේ නතර කර තිබු යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 60 හැවිරිදි දෙවලපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මේ අතර මඩකලපුව, ත්‍රීකුණාමලය මාර්ගයේ පලෙයි නගර් ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

යතුරුපැදියක පිටුපසින් පැමිණි කැබ් රථයක් ගැටී එම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් තුවාල ලැබු පසුපැදිකාරිය මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි පලෙයි නගර් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

Werzuo Digital

Leave a Reply