තිහගොඩ පොලීස් වෙඩිල්ලෙන් තුවාල ලැබු සිසුවා කරාපිටිය රෝහලට

මාතර තිහගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබු වයස අවුරුදු 14ක දරුවෙකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

පාසල් සිසුන් පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට යෑමේදී තිහගොඩ පොලීසියේ නිලධාරියෙකුගේ පිස්තෝල අවිය ක්‍රියාත්මක වීමෙන් සිසුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.

සිසුවා මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය

මාතර නායිම්බල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු වෙඩි තැබීමෙන් මෙලෙස බරපතළ තුවාල ලබා තිබේ.

එම සිද්ධියත් සමග ගම්වාසීන් තිහගොඩ පොලීසිය අසලට රැස්වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබු බවද වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply