නිවසකට හොරකම් කරන්න ගිහින් නිවසේම නින්ද ගිහින්

නිවසකට ඇතුළු වූ සොරුන් දෙදෙනකුට නිවසේම නින්දයාම නිසා පසුදින එක් සොරකු  අල්ලා පොලීසියට භාරදීමේ සිද්ධියක් යාපනයෙන් වාර්තාවේ.

යාපනය වඩුක්කොඩ්ඩෙයි මූලායි ප්‍රදේශයේ පිහිටි නිවසකට රාත්‍රියේ ඇතුලු වූ සොරුන් දෙදෙනෙකු නිවැසියන් නොමැති වීම හේතුවෙන් නිවසේ ආහාර පිස පසුව රූපවාහනිය නරඹමින් ආහාර ගෙන ඇති අවස්ථාවේදී කොල්ලකරුවන් දෙදෙනාටම හොඳට නින්ද ගොස් ඇත.

අනතුරුව නිවෙස් හිමිකරු පසු දින අලුයම නිවසට පැමිණෙන අවස්ථාවේදී සොරුන් දෙදෙනා නිවෙස තුල සිටිනු දැක ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට දැනුම් දී ප්‍රදේශවාසීන් සමග සොරුන් දෙදෙනා අල්ලාගැනීමට උත්සාහ කර තිබේ. එහි දි එක් අයෙකු පැන ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අල්ලා පොලිසියට බාර දී ඇත.

Werzuo Digital

Leave a Reply