යාල රක්ෂිතයේ සෙල්ලම් දැමු අයට ඇප

යාල වනෝද්‍යානයේ වන සතුන්ට හිංසා වන ආකාරයට රථවාහන ධාවනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 9 දෙනා තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

ඒ අනුව, එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකරුවන් නව දෙනෙකු සහ ජීප් රථ හතක් තිස්සමහාරාම දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ජීප් රථ අධිකරණය භාරයට පත් කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Werzuo Digital

Leave a Reply