දින කිහිපයක් තිස්සේ ඇද හලෙන අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16ක පවුල් 2579කට අයත් සාමාජිකයින් 10100ක් පමණ අද (23) සවස වනවිට පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
මින් වැඩිම පවුල් සංඛ්‍යාවක් පිඩාවට පත්ව ඇත්තේ රත්ගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව පවුල් 1350කි. කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 1012ක්ද මාදම්පාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 1200ක්ද පිඩාවට පත්ව ඇත.
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසීය.