නාරං ආනයනය කිරිම සඳහා කිරිම සඳහා වාර්ෂිකව වැය කරන රුපියල් මිලියන 1400ක මුදල ඉතිරි කර ගැනීම සඳහා රසයෙන් අනූන කහ නාරං විශේෂ තුනක් හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් හඳුන්වා දී ඇත.
මෙම විශේෂය හඳුන්වනු ලබන්නේ “හොරණ එහිමි” ( Horana Ehimi) 1 2 සහ 3 වශයෙනි. ජපානයේ නාරං වර්ග යොදාගෙන සහ මෙරට නාරං වර්ග යොදාගෙන හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය අධ්යක්ෂ අභිජනන විද්‍යාඥ ඩබ්ලිව්. ඩී ලෙස්ලි මහතා ඉකුත් 2007 වසරේ සිට කරන ලද පර්යේෂණවලින් පසු මෙම කහ නාරං විශේෂය විශේෂය හඳුන්වා දී තිබේ.
ආනයනික නාරං මට්ටමේම උසස් තත්ත්වයෙන් යුතු මෙම කහ නාරං විශේෂ උඩරට ප්‍රදේශවල ගොවීන් අතර මේ දිනවල ප්‍රචලිත කරමින් පවතින බව අධ්යක්ෂවරයා පවසයි. බණ්ඩාරවෙල රහංගල ආදී සිසිල් දේශගුණයක් සහිත ප්‍රදේශවල මෙම නාරං වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැක.
මෙම නාරං පැලයක් සිටුවා වසර එකහමාරකින් දෙකකින් පමණ අස්වැන්න ලබාගත හැකි අතර වැඩුණු ගසකින් ගෙඩි 200ක් 300ක් පමණ ලබාගත හැක.