රුපියල් පන්දහසේ අල්ලසට SI වසර 20ක් සිපිරි‍‍ගෙට

සුදු පොළක් වැටලීමකදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනය යළි ලබා දීමට රුපියල් පන්දහසක (5000) අල්ලසක් ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකුට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කර තිබේ

ඊට අමතරව රුපියල් 20000ක දඩයකට සහ ලබාගත් රුපියල 5000ක අල්ලස් මුදල දඩයක් වශයෙන් අයකර ගැනීමටද වැඩිදුරටත් නියම කර තිබේ.

චෝදනාවන්ට වරදකරු විම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අහුන්ගල්ල පොලිසියට අනුයුක්තව කටයුතු කල උප පොලිස් පරීක්ෂකවරයෙකුටය

2015 වසරේ අහුන්ගල්ල ප්‍රදේශයේදී සුදු පලක් වටලා අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක් මුදාහැරීමට සහ එහිදී අල්ලා ගත් පුද්ගලයින්ට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10000ක් ඉල්ලා රුපියල් 5000ක් ලබා ගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා තිබිණ

විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා අදාළ දඬුවම නියම කර තිබේ.

Werzuo Digital

Leave a Reply