ගාල්ල බිංගේ කන්දෙන් ජීප් රථයක් දුම්රිය මාර්ගයට වැටී පස් දෙනෙකුට තුවාල

ගාල්ල මාතර ප්‍රධාන දුම්රිය මාර්ගය ගාල්ල බිංගය ප්‍රදේශයේදී දංගෙදර සිට ගාල්ල දෙසට ධාවනය වූ ජිප් රථයක් අද (18) පෙරවරුවේ මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට වැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් ඇතුළු පස් දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.

තුවාල ලැබු අයගේ තත්වය තරම් බරපතළ නොවන බව කරාපිටිය රෝහල් ප්‍රකාශකයකු පැවසීය

අනතුර සිදුවන අයුරු අසල CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබින

මෙලෙස තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ ගාල්ල කිඹිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

ජිප් රථය පෙරලිම නිසා මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද උදෑසන බාධා පැමිණ තිබින.මේ නිසා මාතර සිට ගාල්ල දක්වා පැමිණි කාර්යාල දුම්රිය දෙවට දුම්රිය ස්ථානයේ නතර කිරිමට සිදුවිය.

පසුව ජිප් රථය දුම්රිය මාර්ගයෙන් ඉවතට ගැනිමෙන් පසු දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවිය.

ගාල්ල පොලිස් රථවාහන අංශය මෙම අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply