කොළඹ සිට බෙලිඅත්ත දක්වා දුම්රිය භාවිතා කරන මගීන්ට දැනුම්දිමක්

කොළඹ කොටුව සිට ගාල්ල හරහා බෙලිඅත්ත දක්වා වු මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 20 වනදා සිට දැනට දුම්රිය ධාවනය වන වේලාවට‍ මිනිත්තු 10කට පමණ පෙර නව සංශෝධනයන් යටතේ දුම්රියන් ධාවනය කිරිමට නියමිතව තිබේ.

ඊයේ (13) සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණ ද පසුව එය අත්හිටවනු ලැබීය.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක පරිදි එම මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් සිදුකිරීමට තීරණය කළ බවය. 

Werzuo Digital

Leave a Reply