වවුනියාව, ඕමන්ත, අරසමුරිප්පු ප්රදේශයට පෙරේදා (12) සවස ගිගුරුම් සහිත වර්ෂාවත් සමඟ හටගත් අකුණු සැර වැදීමෙන් එළගවයන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඕමන්ත ප්රදේශවාසීහු පවසති.
වර්ෂාව හේතුවෙන් ගව මඩුව අසල ගසක් යට රැඳී සිටි ගවයන් රැලකට මෙලෙස අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර වවුනියාව දිස්ත්රික්කය වෙත පසුගිය දින කිහිපයක සිට සවස් කාලයේ වර්ෂාව ඇදවැටුණු අතර වර්ෂාවත් සමඟ අකුණු පතිතවීම් ගණනාවක්ද වාර්තා විය.
පසුගිය 7 වැනිදාද වවුනියාව මාමඩුව වැවේ නෙළුම් කොළ කැඩීමට ගිය කාන්තාවකටද අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබිණ.