දිවයිනේ වැඩිම වර්ෂාපතනය හොරණට : පළාත් 5කට තද වැසි

දැනට ලැබී ඇති වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අගය එය මිලිමීටර් 159.0කි.

මේ අතර අද (13) පෙරවරු 08.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ බූස්ස, හෑගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ අනුව එම ප්‍රදේශයට මිලිමීටර් 142.5ක වර්ෂාපතනයක් ලැබි තිබෙන අතර මීට අමතරව මොනරවිල, කිරිදිවැල, එල්ස්ටන්, ගාල්ල, අවිස්සාවේල්ල සහ හිනිදුම යන ප්‍රදේශවලට ද මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබි තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති අතර ගාල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ප්‍රදේශ සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Werzuo Digital

Leave a Reply