අද (14) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල දුම්රි ස්ථානය සහ කටුගොඩ දුම්රිය ස්ථානය අතර බිංගය ප්‍රදේශයේදී පස්කන්දක් කඩාවැටී දුම්රිය ගමනාගමනය විනාඩි 30ක පමණ කාලයකට අඩාලව තිබිණ.
ඒ හේතුවෙන් බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය තලාපිටිය ප්‍රදේශයේ නවත්වා ගෙන සිටි අතර කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය දුම්රිය ගල් දුම ස්ථානයේ නවත්වා ගෙන තිබිණ.
පසුව දුම්රිය සේවකයන්ගේ දැඩි කැපවීම හේතුවෙන් මාර්ගයට වැටී තිබූ පස් කන්ද ඉවත් කල අතර ඉන්පසු දුම්රිය ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත්විය.
ප්‍රදේශවාසීන් කියා සිටියේ බිංගේ කොටසක් නාය යාමේ අවදානමක් ඇති බවත් යම් හෙයකින් එසේ නාය ගියහොත් දැඩි අනතුරක් ඇති විය හැකි බවත්, ඒ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියහ.