ගාල්ල මහ නගර සභාවට අයත් රිචඩ් පතිරණ පුස්තකාලයේ පොත්පත් කියවමින් සිටි දැරියක් එහි රැඳී සිටියදී එහි සේවකයින් විසින් පුස්තකාලයේ දොරගුළු දමා පිටවයමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අවස්ථාවේ රාජකාරි යෙදී සිටි නිලධාරීන්ට විරුද්ධව විමර්ශනයක් පවත්වා විනයානුකූලව කටයුතු කිරීමට ක්රියා කරන බව ගාල්ල මහ නගරාධ්පති ප්රියන්ත සහබන්දු මහතා ප්රකාශ කර තිබේ.
12 හැවිරිදි මෙම දැරිය පාසල් නිම වීමෙන් පසු මවත් සමග පෙරේදා (10) පස්වරු 02:45 ට පමණ පුස්තකාලයට පැමිණ ඇත. දැරිය පුස්තකාලය තුළ පොත්පත් කියවමින් සිටියදී දැරියගේ මව විසින් පිටතට යන බව එහි සේවකයින්ට පවසා ගොස් ඇත. මව යළි පස්වරු 4.45ට පමණ පුස්තකාලයට එන විට පුස්තකාලයේ දොරගුළු වසා දමා තිබී ඇත දැරිය පුස්තකාලයේ ඉහළ මහලේ සිට මවට අත වනා තිබේ.
මව විසින් මේ පිළිබඳ අදාල බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ගාල්ල පොලිසියේ තිබූ පුස්තකාලයේ යතුර ගෙනවිත් පුස්තකාලයේ දොරවල් විවෘත කොට දැරිය පිටතට ගෙන ඇත .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මව සහ දැරිය ඊයේ (11) ගාල්ල මහ නගර සභාව වෙත කැඳවා ප්රකාශ සටහන් කර ගත් බවත්
නියමිත වේලාවට පෙර එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් විසින් පුස්තකාලය වසා දමා ගොස් ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකර ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බව ද නගරාධිපතිවරයා ප්රකාශ කර තිබේ
දිවයින