දැනට පවත්නා ඩොලර් සංචිතයෙන් භාවිත කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 300ක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබේ.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අවන්හල් වෙත මෘදු මත්පැන් අවසර පත්‍ර ප්රදානය සඳහා සංචාරක අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කර තිබේ. අද අපට ඇති ඩොලර් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.8ක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
2018 වසරේදී ඩොලර් මිලියන 3,925ක්ව පැවැති සංචාරක ආදායම 2021 වසරේදී ඩොලර් මිලියන 682ක් දක්වා පහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පැවැසූ අතර මෙම අවුරුද්දේ අගෝස්තු 31 වැනිදා වන විට සංචාරක ආදායම ඩොලර් මිලියන 893ක් වී ඇති බවද ප්‍රකාශ කර තිබේ.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා යම් යම් උත්තේජන සැපයිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන් අතර සුරාබදු නීති සංශෝධනය විය යුතු බවද හෙතෙම ප්‍රකාශ කර ඇත. මද්‍යසාර හා දුම්වැටි මත බදු පැනවීමේ රජය අරමුණ මද්‍යසාර හා දුම්වැටි භාවිතය අවම කිරීම මිස බදු ආදායම ඉහළ නංවා ගැනීම නොවන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.