පුද්ගලයන් 46 දෙනෙකු අතුරුදන් වූ බවට වාර්තා වු බහුදින යාත්‍රාව රීයූනියන් දූපතේ

පුද්ගලයන් 46 දෙනෙකු සමඟ මාසයක කාලසීමාවක් අතුරුදන්ව තිබූ බවට වාර්තා වු දැහැමි දුව නම් වූ බහුදින යාත්‍රාව රීයූනියන් දූපතේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

පසුගිය ජූලි මස 21 වනදා මෙම බහුදින ධීවර යාත්‍රාව මීගමුව ධීවර වරායෙන් පිටත්ව ඇති බව වාර්තා සඳහන් කළේය.

පසුව ගැඹුරු මුහුදේදී තවත් පිරිසක් එම යාත්‍රාවට එක්කරගෙන ඇති බවත් එසේ එක් කරගෙන ඇති කණ්ඩායමට කාන්තාවන් සහ කුඩා දරුවන් කිහිපදෙනෙකු ද අයත්ව තිබු බවත් එම වාර්තා සඳහන් කලේය.

මෙම බහුදින යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේදි කාර්මික දෝෂයකට ලක්ව මුහුදේ පාවෙමින් තිබූ බවත් එහිදී එම යාත්‍රාව මුහුදේ යාත්‍රා කරමින් තිබූ තවත් නෞකාවක සිටි පිරිසක් විසින් අගෝස්තු මස 16 වනදා බේරාගෙන කාර්මික දෝෂය යථා තත්වයට පත් කර තිබෙන බවත් එම වාර්තා සඳහන් කළේය.

පසුව එම යාත්‍රාව යළි ගමන් ආරම්භ කර ඇති බවත් කෙසේ වෙතත් පෙරේදා වාර්තාවූයේ මෙම යාත්‍රාව යළි අතුරුදන්වී ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

කෙසේ වෙතත් මේ වනවිට පුද්ගලයන් 46 දෙනෙකු රැගත් මෙම බහුදින යාත්‍රාව රීයූනියන් දූපතේ ආරක්ෂක අංශ භාරයේ පසුවන බව වාර්තාවේ

Werzuo Digital

Leave a Reply